iranama
බක් මහේ ග්‍රහ යුද්ධයෙන් සිකුරු පරදා යුරේනස්ට ජය
තරුණ කාන්තාවන්ට හා නළු නිළියන්ට අපලයි
අපරාධ හා කාම රැල්ලේ අඩුවීමක්
යම් ග්‍රහයින් දෙදෙනෙකු එකම රාශියක එකම අංශකයක් තුල ගෝචර වශයෙන් ගමන් කරන විට එම එක් ග්රහයෙකුගේ කිරණ වළල්ලට අනෙක් ග්‍රහයා ආවරණය වීම අප ජ්‍යෙdතිෂයේදී සරලව ග්‍රහ යුද්ධයක් ලෙස හඳුන්වනු ලබනවා. මෙහිදී ජයග්‍රහණය හිමි වන්නේ යුධ වදින ග්‍රහයින් දෙදෙනාගෙන් උතුරිsන් සිටින ග්‍රහයාටය. මෙම සංසිද්ධියෙන් පරාජයට පත්වන ග්‍රහයා අසුබ කිරණ විහිඳුවන සුබ බලයෙන් ඉතාමත් අඩු දුර්වල ග්රහයෙකු ලෙස ජ්‍යෙdතිෂයේදී සලකනු ලබනවා. ඒ අනුව එවන් වූ ග්‍රහ යුද්ධයක් අප සෞරග්‍රහ මණ්ඩලයේ දොළොස් ග්‍රහයින් අතරින් සිකුරු හා යුරේනස් අතර සිදුවීමට නියමිතය. සුබවාදී සිකුරු හා පීඩාකාරී යුරේනස් මෙම බක් මහේ යුදවදී. එනම් අප්‍රේල් මාසය හෙවත් බක් මාසයේ දී සිදු වීමට නියමිත ග්‍රහ යුද්ධ 15 අතුරින් විශේෂ ග්‍රහ යුද්ධ 02 ක් සිදුවීමට නියමිතය. එයින් පළමු ග්‍රහ යුද්ධය පසුගිය පළමු වනදා බුධ හා යුරේනස් අතර සිදු වූ අතර, එයින් යුරේනස් පරාජයට පත්ව බුධ ජයග්‍රහණය කළ අතර මෙවර යුරේනස් ජය ගනු ඇත. මෙම සිකුරු හා යුරේනස් අතර ග්‍රහ යුද්ධය එළඹෙන 2016 අප්‍රෙAල් මස 23 වන සෙනසුරාදා පෙ. ව 02. 31 ට සිදු වීමට නියමිතය. ග්‍රහ ලොව සුකුමාල සුරතලිය වන ලෞකික සුන්දර දෙයට අධිපති ග්‍රහ තාරකාව වන ශුක්‍ර හෙවත් සිකුරු හා යුරේනස් අතර ග්‍රහ යුද්ධයෙන් ග්‍රහ ලොව සුරතලිය හෙවත් සිකුරු පරදා යුරේනස් ජය ගනී. එනම් මෙම ග්‍රහ යුද්ධයෙන් සිකුරු පරාජයට පත්වනු ඇත. ඒ අනුව ග්‍රහ යුද්ධයකින් ග්රහයෙකු පරාජය වීම එම ග්‍රහයාගේ තත්වය දුර්වල වීමකි. ඒ අනුව ග්‍රහයාගේ බලය දුර්වල වූ කල උදාවන්නේ අසුබ හා පීඩාකාරී ප්‍රතිඵලයන්ය.
කාන්තාවන්ට, කුඩා දරුවන්ට හා නිළියන්ට එතරම් සුබ දායක නොවනු ඇත. රෙදි පිළි හා විසිතුරු භාණ්ඩ වෙළදාමට බාධා හා කරදර එල්ල වන කාලයකි. මංගල කටයුතු වලට බාධා සිදුවන කාලයක් වන අතර දිsක්කසාද ප්‍රමාණය ඉහල යා හැකිය. අඹුසැමියන් අතර මත ගැටුම් ඇති වන කාලයකි. පෙම්වතුන්ට මෙම කාලය සුබ දායක නැත. ඩෙංගු හා බෝවන රෝග යළි හිස ඔසවයි. ලෝකයේ යම් යම් රටවල් ආශ්රතව යුද්ධයේ පීඩාකාරී බව ඇතිවනු ඇත. කෙසේ වෙතත් දේශගුණ හා කාලගුණ තත්වයන් නිසා මහජනතාවට ක්ෂණික පීඩා ඇති වනු ඇත. රිය අනතුරු, මංකොල්ලකෑම්, ගිනි අනතුරු හා පීඩාකාරී සිදුවීම්, අපරාධ, ස්ත්‍රී දූෂණ මෙම කාලයේ යම් පමණක ට අඩුවීමට ඉඩ ඇත. අපරාධ හා කාම රැල්ලේ වැඩිsවීමක් මෙන්ම තරුණ කාන්තාවන්ට හා නළු නිළියන්ට අපල දායක තත්වයක් ද විශේෂයෙන් ම රටේ ප්‍රබල සිනමා තාරකාවන්ට අපල දායක තත්වයක් මෙන්ම විවිධාකාරයේ වසංගත රෝග පැතිරී යා හැකිය. එම හේතු නිසාවෙන් හදිසි අනතුරුවලින් මිය යන ප්‍රමාණයේ වැඩිවීමක් දක්නට ලැබේ. මෙම ඉහත ග්‍රහ යුද්ධයන් මේ සදහා මූලික වනු ඇත. ලග්න වශයෙන් ගත් කල වෘෂභ, තුලා, ධනු හා මීන ලග්නවලට යම් පමණක පීඩාකාරී හා අපල දායක තත්වයන් ඇති විය හැකිය.
එම හේතුව නිසාවෙන් අප රටේ මෙන්ම මුළු මහත් පෘථිවි තලය පුරාම ඉතාම ප්‍රබල දේශගූණ හා කාලගූණ වෙනස්කම් ඇති විය හැකි අතර ලෝකය පුරාද අප රට ආශ්‍රිතවද සාගරය ආශ්රිත කැළඹීම්, ගංවතුර, නායයැම් තත්වයන් මෙන්ම සුළි සුළං තත්වයන්ද විටින් විට දැක ගත හැකි වනු ඇත. මෙම කාලය අධ්‍යාපනය හා තරුණ ප්‍රජාව අතර ප්‍රශ්න ඇති වන අතර දරුවනට අයහපත් වනු ඇත. මහා පරිමාණ හොරුන් ඇතුළු සියලුම නීති විරෝධී ක්‍රියා කරන්නන්ට යම් පමණක දඬුවම් හිමි වන කාලයකි. පැවිදි උතුමන්ට හා ප්රභූන්ට සුබ දායක නැත. මත්ද්‍රව්‍ය හා ඒ ආශ්රිත ව්‍යාපාරවලට දැඩි දඬුවම් හිමිවන කාලයකි. රටේ ආර්ථිකය යම් පමණකට පසු බැසීමට ලක්වනු ඇත. පවතින රජයට වාසි දායක තත්වයන් ඇති වනු ඇත. මෙම කාලය මහජනතාවට එතරම් සහන නොලැබෙන කාලයකි. මහජනයා අතර උද්වේගකාරී සිදුවීම් ඇතිවේ.
මෙම අපල තත්වයන් ගෙන් මිදීමට ඉහත ලග්න හිමියන් කතරගම, විෂ්ණු, පත්තිනි යන දෙවි දේවතාවුන්ට පින් අනුමෝදන් කර ග්‍රහ අපල දුරුවේවායි ප්‍රර්ථනා කරන්න.
Wmqgd .ekSu